වන සංරක්ෂණ නිලධාරිනිය සමග රජය පෙනී සිටිනවා

Share

කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් හඩ නැගූ වන සංරක්ෂණ නිලධාරිය සමග රජය, ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය පෙනී සිටින බව සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.

 

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එකවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරිමට රජය පෙනී සිටින බවද ඔහු පැවැසීය.

Read more

Local News