පොහොට්ටුව හා ශ්‍රීලනීපය පිළිගත් ලකුණකින් මැතිවරණයට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කරන්නේ දැනට ජනතාව පිළිගෙන ඇති ඡන්ද ලකුණකින් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

 

මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ මහනුවරට පැමිණි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමින්  බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශව‍‍යේ  මහනායක අතිපුජ්‍ය වරකා‍‍‍ගොඩ ශ්‍රී ඤාණරතන  නාහිමියන් ද බැහැදැකීමට පැමිණියේය.

Exit mobile version