හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් – මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන්

කථානායක කරූ ජයසූරිය මහතා විසින් හෙට (09) අඟහරුවාදා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.

මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පවත්වන ලෙසත් ඒ සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් පක්ෂ නායකයන් කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ රැස්වීම කැඳවා ඇත. මෙහිදි පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කිරිමට කථානායකවරයා මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවත් පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ට ලිඛිතව දැනුම් දුන් බවත් කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

Exit mobile version