රනිල් නැති වුනොත් පක්ෂය බිඳ වැටෙනවා

Share

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් ඉවත් වුවොත් පක්ෂය තවත් බිඳ වැටෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

 

ගාල්ල  නෙළුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීමට අවසන් තීරණයක් ගත් බවයි.

පසුදින තමාට මේ බව පැවසු බවත් එහිදී නායකවරයා ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟ බව පැවසු බවත් කියා සිටි මන්ත්‍රීවරයා, මේ වන විට ප්‍රශ්නයක් ඇති බවත් එයට විසඳුමක් අවශ්‍ය බවත් පැවසීය.

සියලු දෙනා පක්ෂයට අවශ්‍ය බවත් කියා සිටි ඒ මහතා, කිසිවෙකු පක්ෂයෙන් එළවා දැමිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා නොමැති වුවහොත් මීටත් වඩා පක්ෂය බිඳ වැටෙන බවත් කියා සිටියේය.

ඇතැමුන් ජනාධිපතිවරණයේ දී තමා කකුලෙන් ඇඳ දැමු බව පවසන බවත් සඳහන් කර සිටි මන්ත්‍රීවරයා “මෙවැනි ගොන් කථා කියන්න එපා“ යනුවෙන් ද පැවසීය.

තමා එවැනි දෙයක් සිදු කර ඡන්දය ලබා නොදෙන ලෙස මිනිසුන්ට පැවසු විට එය වැළැක්වීමටත් තමා ඡන්දය දෙන්න කියු විට එය සිදු වීමට ඉඩක් නොමැති නිසා මෙවැනි මෝඩ වදන් නොපවසන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Read more

Local News