අලියා නැති වෙන තරමට හදවත ගැන කථා කරන්නේ කවුද ?

Share

පාර්ලිමේන්තුව තවත් සභා වාර තුනකින් පසුව විසුරුවා හරින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා පවසයි.

 

වඳුරඹ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ අද වන විට එක්සත් ජාතික පක්ෂයේ අලියා නැති වෙන තෙක්ම හදවත ගැන කථා කර ඇති බවයි.

හැමදාම පැරදෙන හංසයා වට කර ගෙන ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, එජාපය අද අනාථ වී ඇති බවත්, තරගය නිර්මාණය වී ඇත්තේ පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර නොව එජාප නායකත්වයට එරෙහිව බවත් පැවසීය.

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සංවර්ධන යෝජනා ක්‍රමවලට ගෙවීමට ඇති මුදල් ගෙවා දැමීමට මේ වන විට අතුරු සම්මත ගිණුමක් දමා ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, දැන් ඒ අතුරු සම්මත ගිණුම පරද්දන බවට පවසන බවත් කියා සිටියේය.

තව දවස් 3ක් පමණක් පාර්ලිමේන්තුව පවත්වන බවත් පැවසු මන්ත්‍රීවරයා, අතුරු සම්මත ගිණුම පැරදුවහොත් ජනතාව තවත් මාස 2 කින් පොහොට්ටුව දිනවීමට කටයුතු කරන බවත් පැවසීය.

Read more

Local News