රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනුකර තිබූ නඩුවක වැඩිදුර විභාගය ජුනි මස 22 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද(17) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
වෙනත් නඩුවක් අද දින විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ විභාගය ජුනි මස 22 වනදා සහ 23 වනදාට කල් දමන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්ති සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.



