ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පෙහොට්ටුව ලකුණින් ඉදිරිපත්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අලියා ලකුණ, හදවත හෝ අලියාගේ වල්ගයෙන් තරග කළත් තම පක්ෂයට කිසිදු අභියෝගයක් නොමැති බවයි.
අවසානයේ දී ඔවුන්ට ඉතුරු වන්නේ බිඳුණු හදවත් පමණක් බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බවත් පැවසීය.
ජනාධිපතිවරයාගේ ඍජු නායකත්වය ක්‍රියාත්මක කිරීම නම් ඔහුට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බවත් පැවසු අමාත්‍යවරයා, එසේ නොවුනහොත් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවත් කියා සිටියේය.
එනිසාවෙන් තුනෙන් දෙකක බලයක් ජනාධිපතිවරයාට ලබා දෙන්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසු ඇමතිවරයා, සුදුසු පුද්ගලයින්ට නාමයෝජනා ලබා දිය යුතු බවත් පැවසීය.
වියත්මඟ තුළින් නව අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම යහපත් වැඩපිළිවෙලක් බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් වෘත්තිකයින් ලෙස සෑම දිස්ත්‍රික්කයකටම ඉදිරිපත් කරන්න යෝජනාවක් ඇති බවත් තමා වියත්මඟ විසින් ගනු ලබන එම ක්‍රියාවලියට කැමැත්ත දක්වන බවත් සඳහන් කළේය.
ප්‍රධාන දාරාව බවට පොහොට්ටුව පත්ව ඇති බවත් එය පිළිගත යුතු කරුණක් බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට වෙනස්කමක් කිරීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවත් මෙහිදී පැවසීය.



