රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ ඇමෙරිකානු ඒජන්තවරයෙක්

Share

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුර්වල පාලකයෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය විසින් දේශප්‍රේමී පාලනයක් සාදන බව පැවසු බවයි.

නමුත් මැතිවරණ වේදිකාවේ පැවසු මේ දේ ඔවුන් සිදු නොකල බවත් ඔවුන් විසින් ගොඩනඟනු ලැබුවේ ඇමෙරිකානු හා ඉන්දීය විරෝධි පාලනයක් ලෙස බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මේ ආණ්ඩු ගෙන එනු ලැබුවේම ඇමෙරිකානු හා ඉන්දියාව බවත් පැවසු අනුර කුමාර මහතා, රනිල් වික්‍රමසිංහ යනු ඉතා හොඳ ඇමෙරිකානු ඒජන්තවරයෙක් බවත් කියා සිටියේය.

“අමෙරිකාව එක පාරක් උඩ පනින ලෙස පැවසු විට රනිල් වික්‍රමසිංහ මහතා තුන්වතාවක් කමක් නැද්ද“ යනුවෙන් අසන බවත් පැවසු ඒ මහතා, රනිල් වික්‍රමසිංහ පාලනය තුළින් ඇමෙරිකාව , ඉන්දියාව ආර්ථික, දේශාපලන හා යුදමය සැලසුම් ලංකාවට හැදු බවත් රනිල් දුර්වල නිසා එය සිදු කර ගැනීමට නොහැකි වු බවත් පැවසීය.

MCC ගිවිසුම 2016 සිට කථා කළ බවත් වසර 4ක් යන තුරු එයට අත්සන් තැබීමට නොහැකි වු බවත් , සෝෆා ගිවිසුම ද එලෙසම සිදුවු බව පැවසු මන්ත්‍රීවරයා රනිල් ගෙදර යන තුරු එය සිදු කිරීමට නොහැකි වු බවත් කියා සිටියේය.

බල තුලනය වෙනුවෙන් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබා දීමට රනිල් එකඟ වු බවත් පැවසු ඒ මහතා, වසර 3 හමාරක් ගියත් මත්තල ගුවන් තොටුපල රනිල් වික්‍රමසිංහට ලබා දීමට නොහැකි වු බවත් පැවසීය.

එවැනි දෙයක් වුයේ රනිල් අකමැති නිසාවෙන් නොව ඔහු දුර්වල නිසාවෙන් බවත් පැවසු අනුර කුමාර මහතා මහින්ද රාජපක්ෂ මහතා ටෙන්ඩර් කැඳවීමකින් තොරව සාම්පූර්වල බලාගාරයක් සකස් කිරීමට ඉන්දියානු NCC සමාගමට ලබා දුන් බවයි.

නමුත් වසර 5ක් පුරා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එයට මුල් ගලක් හෝ තබා ගැනීමට නොහැකි වු බවත් දිසානායක මහතා පැවසීය.

රනිල් කැමති දුර්වල අයට බවත් පැවසු අනුර කුමාර මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට කෙතෙක් දුරට අමෙරිකානු හා ඉන්දියා න්‍යයා පත්‍රයක් තිබුණත් රනිල් දුර්වල නිසාවෙන් එය සිදු කර ගැනීමට නොහැකි වු බවත්, ඒ නිසාවෙන් ඇමෙරිකාව හා ඉන්දියාව තම ආකල්ප ඉදිරියට ගෙන යෑමට රාජපක්ෂවරු ගෙන ආ බවත් එසේ සිදු කරනු ලැබුවේ රනිල් අකමැති නිසා නොව ඔහුට බැරි නිසා බවත් කියා සිටියේය.

Read more

Local News