Home දේශීය පුවත් පොළොන්නරුව භාරදෙන්නේ කාටද ?

පොළොන්නරුව භාරදෙන්නේ කාටද ?

0
පොළොන්නරුව භාරදෙන්නේ කාටද ?

ජාතික ලැයිස්තුවෙන් ඉදිරි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නැයි පක්ෂයේ ජ්‍යෙෂඨයින් ආරාධනා කර තිබියදීත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඒමට තමා තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

පොළොන්නරුව බකමුණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ, මීට සති දෙකකට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට කෝටි පනස්හතර දහසක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බවයි.

එහිදී අගමැතිවරයා විසින් පවසා සිටියේ මෙම මුදල් භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටින්නේ රට තුළ ඉන්න අයට ණය ගෙවීම සඳහා බවයි.

පාසල් හා මහාමාර්ග සෑදීමට කෝටි 600 ක මුදලක් භාණ්ඩාගාරයෙන් පොළොන්නරුවට ලබා දීමට ඇති බවත් පැවසු මෛත්‍රීපාල මහතා, තමා මෙවර මැතිවරණයට පැමිණියේ ඇයි දැයි ඇතැමුන් අසා සිටින බවත් පැවසීය.

සමහර අය ජනාධිපතිකමේ සිට පාර්ලිමේන්තුවට එන්නේ ඇයි දැයි අසා සිටින බවත් පැවසු සිරිසේන මහතා, තමාට මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඉල්ලීම කළ අවස්ථාවේ දී තමා එවැනි දෙයක් කළ යුත්තේ ඇයි දැයි ප්‍රශ්න කර සිටි බවත් කියා සිටියේය.

එහිදී ඔවුන් විසින් 2015 දී මහින්ද මහතා නැවත පාර්ලිමේන්තු පැමිණියේ නම් තමාට ඇයි බැරි ඇයි දැයි ඔවුන් විසින් කියු බවත් පැවසු හිටපු ජනාධිපතිවරයා,  පොළොන්නරු දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් හැටක් විතර සිටින බවත් ඔවුන් සියලු දෙනා “පොළොන්නරුව භාරදෙන්නේ කාටද?“ ඒ නිසාවෙන් ඔබ තුමා එන්නයැයි පැවසු බවත් පැවසීය.

තමාට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තරග නොකර ජාතික ලැයිස්තුවෙන් යන ලෙස පැවසු බවත් කියා සිටි සිරිසේන මහතා තමා හිටපු ජනාධිපතිවරයෙක් ලෙස ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීම තමාට අගෞරවයක් බවත් සඳහන කළේය.

ඒ නිසාවෙන් තමා මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් තමාට පොළොන්නරු ජනතාව ගැන විශ්වාසය ඇති බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here