දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40000ක්

Share

දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ එම ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් දස දහසක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ව්‍යාජ වෛද්‍යවරුන් සමාජයෙන් තුරන් කිරීම සඳහා පවතින නීති රාමුව ශක්තිමත් කර නව නීති සම්පාදනය කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read more

Local News