සහල් මිල හා එළවළු මිල බව මම පිළිගන්නවා – විදුර

Share

මෙවර මහ මැතිවරණයේදී නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුව වෙත තෝරා පත්කිරීම සඳහා ජනතාව නිවැරදි තීරණය ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

 

ඉංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ‍, සහල් මිල හා එළවළු මිල බව තමා පිළිගන්නා බවයි.

නමුත් මේ තරමින් හෝ එවැනි දුෂ්කරතා පාලනය කර ගනු ලැබුවේ කෙසේ ද යන්න පිළිබඳව කිසිවෙකු නොසිතන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

තම ආණ්ඩුවක් පවතින විට ඇති වු තත්ත්වය අද සිටින බොහෝ අයට අමතක වී ඇතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එවැනි දේ වෙනුවෙන් පිළිතුරු දිය යුතු නැති බවත් ඒ වෙනුවෙන් කළ යුතු වැඩ පිළිවෙලක් ඇති බවත් කියා සිටියේය.

කුමන්ත්‍රණ සියලු දේ පැරදවිය යුතු බවත් පැවසු වික්‍රමනායක මහතා, ජනපති අනුරපුරේ දිවුරුම් දී කොළඹට පැමිණෙන විට සහල් මිල වැඩි වුයේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටියේය.

එවැනි කුමන්ත්‍රණ පිළිබඳව සොයා බලා සදාකාලිකව එම කුමන්ත්‍රණ පැරදවීමට කටයුතු කළ යුතු බවත් පැවසු ඒ මහතා, කකුලෙන් අඳින නිලධාරීන් සිටින බවත් ඔවුන් ගණන් නොගෙන කටයුතු කරන බවත් පැවසීය.

මහමැතිවරණයේ දී ප්‍රතිඵල දැක ගත හැකි බවත් වත්මන් ආණ්ඩුවේ හා පසුගිය ආණ්ඩුවේ දෙපාර්ශවයේම හොරු ඉන්නා බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මෙවර නිවැරදි තීන්දුවක් ගනු ඇතැයි ද කියා සිටියේය.

Read more

Local News