නව පක්ෂ 125ක් ලියාපදිංචියට අයදුම්පත්‍ර භාර දෙයි

Share

ලියාපදිංචිය සඳහා නව දේශපාලන පක්ෂ 125ක් මෙවර මැතිවරණ කොමිෂන් සභාව වෙත අයදුම්පත්‍ර භාර දී තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ(17) පස්වරු 4.00ට අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වූ බවයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අදාළ අයදුම්පත් භාර ගැනීම පසුගිය ජනවාරි මස 17 වන දින ආරම්භ වුණි.

ඒ අනුව ලැබී ඇති අයදුම්පත්‍ර මුලික පරික්ෂා කිරීමේ කටයුතු ඉදිරි දිනවල දී සිදුකිරීමට නියමිතයි.

මුලික පරික්ෂා කිරීමෙන් අනතුරුව නව ලියාපදිංචිය සදහා තෝරාගනු ලබන දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැදවා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ලියාපදිංචිය සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ වන විට දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර තිබේ.

Read more

Local News