යහපාලන ආණ්ඩුව විසින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හේතුවෙන් වසර ගණනාවක් පැරණි නඩු කටයුතු සඳහා තමන් තවමත් අධිකරණයට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
මාතරදී නඩු කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මනත්රීවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වසර 7 ක් පුරා මෙම නඩුව ඉදිරියට ඇවිත් ඇති බවයි.
2013 වසරේ දී මෙම නඩුව ගොනු කර ඇති බවත්, දේශපාලන කාරණා මත මෙවැනි දෙයක් වී ඇති බවත්, වසර 4 හමාරක් තම ආණ්ඩුවක් පැවතියත් මෙලෙස නඩුව පැවතීම තුළින් උසාවියේ ආධිපත්‍ය පිළිගැනීම පිළිබඳ අවබෝධ වන බවත් ඒ මහතා පැවසීය.
මාතර දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් තමා නව පෙරමුණකින් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන බවත් සමරවීර මහතා මෙහිදී කියා සිටියේය.



