කෑගල්ල – රඹුක්කන ප්‍රධාන මාර්ගය අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි පොලීසිය පවසයි.
ඒ , මාර්ගය හරහා ඇති දුම්රිය මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.
මේ අතර අනිද්දා පස්වරු 6 සිට පසු දින උදෑසන 6 දක්වා ද කෑගල්ල – රඹුක්කන ප්‍රධාන මාර්ග වසා තැබෙනු ඇති.
අදාළ කාල සීමාවන් තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.



