අදින් අවසන් පාර්ලිමේන්තු සතිය ඇරඹෙයි

Share

වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වෙයි.

 

අද(18), හෙට(19) සහ අනිද්දා(20) යන තෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව වත්මන් පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමට නියමිත බව සඳහන්ය.

අද පාර්ලිමේන්තුව පස්වරු 01.00ට රැස්වීමට නියමිත අතර මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබදව කල් තැබීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතයි.

විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වී තිබුණි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට අද දිනයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් කැදවා තිබේ.

කෝප් කමිටුව අද පස්වරු 02.30 ට රැස්වීමට නියමිතයි.

මේ අතර එයාර් බස් ගණුදෙණුවට අදාලව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් හෙට දිනයේ කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.

Read more

Local News