ආණ්ඩුව ගොවියාට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕන

Share

පොහොර සහනාධාරය ප්‍රධාන මාතෘකාවක් කරගනිමින් බලයට පැමිණි ආණ්ඩුව විසඳුමක් දීමට නොහැකිවීමෙන් ලතවෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

 

අද (18) නෙලුවේදී පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා ,

” මේ ආණ්ඩුව බලයට එන්න පොහොර සහනාධාරය ප්‍රධාන මාතෘකාවක් කරගත්තා.

ආණ්ඩුව පත්වෙලා මාස හතරක් ගතවුනත් තවම පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න හැකිවෙලා නැහැ.

ආණ්ඩුව ආවේ පොහොර නිකන් දෙනවා කියලා.නිකන් තියා සල්ලි වලටවත් ගන්න නැහැ.

ගොවියෝ අද ඉතාම අමාරු තත්වයකට පත්වෙලා. මිල ඉහල ගියාට අස්වැන්න  අඩුවෙලා.

අස්වැන්න  අඩුවෙන්න ප්‍රධාන සාධකයක් නිසි කලට පොහොර යෙදීමට නොහැකිවීම.

ඒ නිසා ආණ්ඩුව ගොවියාට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕන..ඒ සමගම ගොවියාට නොමිලයේ පොහොර ලබාදෙන්න ඕන.”

Read more

Local News