ලංකාව ජීනීවා යෝජනාවලියෙන් ඉවත් වෙයිද ?

Share

රට පාවාදුන් ජීනීවා යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවති සාකච්ඡාවකදී අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

අද (18) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඊයේ දින ලියාපදිංචි කළ  ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ජනාධිපතිවරු තිදෙනෙකුගේ සහයෝගය හිමි වන බවයි.

2015 සහ 2016 වසර වලදී මානව හිමකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යොජනාවලියේ 30(1) සහ 40(1) යන යෝජනා වලින් ඉවත් වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරියෙදි සිදු කරන බවද ඒ මහතා පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මෙම යෝජනා දෙක කිසිදු අවස්ථාවකදි කැබිනට් මණ්ඩලයට හො පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.

එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

වැඩිම ජනාධිපතිවරුන් සංඛ්‍යාවක් එකතුව ඔවුන්ගේ ආශිර්වාදය ඇතුව සාදන සන්ධානය මෙම නව සන්ධානය බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read more

Local News