කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(20) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 11.00ට අදාල පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති දුරකතන හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව තිබේ.
මේ අතර මෙම මස සඳහා අවසන් පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙන අතර අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද පෙරවරුවේදී ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති මුදල් ප්‍රතිපාදන ලබා ගැනිම සඳහා වූ අතුරු සම්මත ගිණුමට අදාල විවාදය පැවැත්විමට සැලසුම් කර තිබේ.
අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව ලබන මස 03 වන දින දක්වා කල්තැබීමට නියමිත අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මාර්තු මස 02 වන දිනෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙයි.
යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් මාර්තු මන 02 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට තීරණය කළහොත් අටවැනි පාර්ලිමේන්තුවේ අවසන් සභා වාරය අද දිනයෙන් අවසන් වනු ඇති.



