මහා සංඝ රත්නය කළ දෙයක් ගැන නිමල් කියයි

Share

රට අගාධයට යන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා පෙර ගමන්කරුවන් වුයේ ගෞරවණිය මහා සංඝ රත්නය බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

අධිකරණ මානව හිමිකම් හානීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ සාම විනිසුරුවරුන් 200 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවකට ඊයේ (19) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

“සෑම විහාරස්ථානයකටම සාම විනිසුරු පත්වීම් ලබා දිය යුතු බවට මා විශ්වාස කරනවා.

එමෙන්ම පන්සල්වලට මෙන්ම පල්ලි කෝවිල් වැනි අන්‍ය ආගමික ස්ථානවලට ද සාමවිනිසුරු පත්වීම් ලබා දීම තුලින් ඒ වටා සිටින ජනතාවට විශාල සේවයක් පුළුල් ලෙස ලබාදිය හැකියි.

ඒ තුළින් අපි ආගමික ස්ථාන ශක්තිමත් කළ යුතුයි.

විශේෂයෙන් සාම විනිසුරු පත්වීම් ලබා ගන්නා ඔබ ගමේ වැදගත් පෞරුෂයක් සහිත අයෙක් නිසාම ඔබට නීතිමය බලයක් නොමැති වුව ද එම ආරවුල් නිරාකරණයට හැකි වන පරිදි වටපිටාවක් සකස් කර ගත යුතුයි.

අතීතයේ සාම විනිසුරු තනතුරට විශාල ගෞරවයක් තිබුණා. එම තත්ත්වය යළිත් ඇති කිරීමට මෙම පත්වීම් ලබන ඔබ කටයුතු කළ යුතුයි.

සාම විනිසුරුවරයෙකු වශයෙන් පත්වීම් ලබන ඔබ ප්‍රදේශයට ආදර්ශවත් ජීවිතයක් ගත කිරීම වැදගත් වෙනවා. ගමේ තිබෙන සුළු සුළු ආරවුල් විසඳීමට හැකියාව පැවතිය යුතුයි.

මේ පදවියේ ගරුත්වය සුරක්ෂිත වන පරිදි ඔබ කටයුතු කළ යුතු අතරඑහි ගෞරවය රැකෙන පරිදි හැසිරීමේ සීමා ඇති කර ගැනීමට ඔබ වග බලා ගත යුතුයි.”

Read more

Local News