හදවතට කිසිම අයිතිකාරයෙක් නැ

Share

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ(20) පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

 

මේ සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහ තවත් නීතීඥවරු පිරිසක් එක්ව සිටියේය.

එම සාකච්ඡාවෙන් අනතුරව මාධ්‍යයට අදහස් දක්වමින් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේ, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවයි.

අවසන් වශයෙන් රටට ගැළපෙන හොඳ ව්‍යවස්ථාවක් ගෙන ඒමට එකඟ වු බවත් පැවසු මන්ත්‍රීවරයා, මෙය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී බවත් මෙහි පත්වෙන ඕනෑම නිලධාරියෙක් එය වෙනස් කර ගැනීමට හැකියාව ඇති බවත් ජනතා කැමැත්ත මත පත්වු නායකයෙක් තෝරා ගෙන ඇති බවත් පැවසීය.

වෙනත් පුද්ගලයින්ට හා වෙනත් ඕනෑම පක්ෂයකට එකතුවිය හැකි ආකාරයේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී හා ශක්තිමත් ව්‍යවස්ථාවක් සකස් කර ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසා සිටියේ වත්මන් ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය ලබා දෙන බව මීට පෙර පවසා සිටියේ ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, රට විනාශ කරන ඒවට සහයෝගයක් ලබා නොදෙන බවත් ඔවුන් පරිපූරක ඇස්තමේන්තුව මඟින් ඉල්ලා සිටින්නේ රුපියල් බිලියන එකසිය ගණනක් බවත් පැවසීය.

සන්ධානය තුළ තමාට තනතුරුක් නොමැති වුවත් තමා වැඩ කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, හදවතට කිසිම අයිතිකාරයෙක් නැති බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා විසින් නොයෙක් දේවල් ඒ සම්බන්ධයෙන් කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News