වියලි කාලගුණයේ තරමක වෙනසක් හෙට සිට

Share

පවතින වියලි කාලගුණයේ තරමක වෙනසක් හෙට (09) දින සිට විශේෂයෙන් උතුරු පළාතේ අපෙක්ෂා කරන බව කාලගුණික දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ඇතර ඇතැම් ස්ථාන වලට(මි.මී 75 පමණ) තරමක තද වැසි ඇති විය හැක.

උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අැති වෙයි. සෙසු පලාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News