ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේහ කීපයකට ජල සැපයුම අත්හිටුවයි

කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් බෙදා හැරෙනු ලබන ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

 

පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජලසැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එම බිඳ වැටීම යථාතත්වය පත්කරන තුරු ජල සැපයුම් ලබාදීමට නොහැකි බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Exit mobile version