පාර්ලිමේන්තුව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ගිවිසුමක්

Share

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත.

 

මෙම අවබෝධතා ගිවිසුම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අත්සන් කිරීමට නියමිතයි.

මෙම ගිවිසුම අත්සන් කිරීම අද (24) පාර්ලිමේන්තු සංකිර්ණයෙදී සිදු කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය දැනුම් දී ඇත.

Read more

Local News