ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයන්ට ද සාධාරණය ඉටු කරන ලෙස ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.
ඒ, බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාකදීය.
මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ, ධීවර කර්මාන්තය රැකගනිමින්, පාර්භෝගිකයාට සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙසයි.
නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.
බහුදින යාත්‍රා හිමියන් මුහුණ පා සිටින ගැටලු සඳහා තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ සහය ඇතිව ධීවරයින්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.



