Home දේශීය පුවත් රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කිරිමට අනුමැතිය

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කිරිමට අනුමැතිය

0
රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කිරිමට අනුමැතිය

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා පත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

 

රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට එයට හිමි වු බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද(28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබුණි.

එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් හා ජෝන් අමතරතුංග යන මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඩී.සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ සුමන්තිරන් යන මහත්වරු සහභාගී වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here