කොරෝනා යැයි සැක දෙදෙනෙක්ගේ සාම්පල පර්යේෂණ ආයතනයට

Share

කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කළ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ ජීව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබේ.

 

සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි අදාළ පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර හා රාගම රෝහල්වලට ඇතුළත් කර තිබුණි.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යොමු කළ බවයි.

එම පුද්ගලයින් දෙදෙනා සමග කොරෝනා බවට සැකපිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 4 කි.

මේ අතර ඉතාලියෙන් මෙතෙක් කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වාර්තා වී නැතැයි මිලානෝහි වැඩබලන කොන්සල් ජනරාල් ප්‍රභාෂිණී පොන්නම්පෙරුම මහත්මිය සඳහන් සඳහන් කළාය.

Read more

Local News