අද පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්ත්‍රීවරු 68කට විශ්‍රාම වැටුප අහිමි වෙයි

Share

අද(02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්ත්‍රීරුන් 68 දෙනෙකුට සිය විශ්‍රාම වැටුප අහිමි වෙනු ඇත.

 

ඒ වසර පහක නිළ කාලයක් සපුරා නොතීබිම හේතුවෙන්.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්රීිවරුන් වැඩි පිරිසකට සිය විශ්‍රාම වැටුප අහිමි වන අතර එම මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 36ක්.

මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 21දෙනෙකු , දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 06 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුට සිය විශ්‍රාම වැටුප අහිමි වනු ඇති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි.

19වන ආණ්ඩුක්‍රම ව්යිවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේනතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇති.

Read more

Local News