ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද හමුදා පිල අතර තවත් එක් තරඟයක් පෙරේදා (07) කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වුණු අතර, එහිදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 28 – 10 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

නාවික හමුදා පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල 4ක් ඇතුළත් වූ අතර යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

තරගයේ කැපී පෙනෙන දස්කම් පෑ නාවික හමුදා පිලේ ෆූල් බෑක් ක්‍රීඩක තිළිණ වීරසිංහ උත්සාහක දිනුම් 2ක් තැබීමට සමත්විය. නැවියන් විසින් වාර්තා කරනු ලැබු උත්සාහක දිනුම් 4ම ගෝල බවට පත්කරනු ලැබුවේ ද ඔහු විසිනි.

 

Exit mobile version