රටේ දේශීය සම්පත් පිටස්තර පුද්ගලයින්ට ලබාදීමට වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්රාමාත්යවරයා පෙන්වා දෙන්නේ පසුගිය පාලන සමය තුළ මෙරට දේශීය සම්පත් විදේශිකයින්ට විකුණා දැමීම සිදුවූ බවයි.
වාරියපොලසුමංගල පිරිවෙන් රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.



