ජනාධිපතිවරයාට රට ගොඩනැගීම සඳහා දූෂණයෙන් තොර මන්ත්‍රී කණ්ඩායමක් පත්කර දියයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේ සිදුවුවහොත් ශ්‍රී ලංකාව ආසීයාවේ දියුණුතම රට බවට පත් වන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පස්වරුවේ අම්බලන්තොට පැවති ජන හමුවකදියි.
මේ රට දියුණු කිරීමට නම් තද තීරණ ගැනීමට අවශ්‍ය බවත් නමුත් එය සිදු කළ යුත්තේ මහජනතාවට එරේහිව නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
තද තීරණ ගත යුත්තේ අමාත්‍ය මණ්ඩලයට එරේහිව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.



