හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අදත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට

Share

වැඩ තහනමට ලක්ව සිටින හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

 

පෙරවරු 10.00 ට ඔහු ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අලි පැටවෙකු ළඟතබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා වැඩ තහනමට ලක් කිරීම හේතුවෙන් දේශපාලන පලිගැනීමකට තමන් ලක්වූ බව පවසමින් ජනාධිපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඊට අදාලව අවස්ථා කිහිපයකදි තිළිණ ගමගේ මහතා කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය.

එහිදී තිළිණ ගමගේ මහතා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ අලිඇතුන් ලියාපදිංචි කිරීමට අදාල ගැසට් නිවේදනය නියමිත පරිදි පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් තොරව ඉදිරිපත් වූවක් වන බැවින් එය බලරහිත ලියවිල්ලක් බවයි.

Read more

Local News