කොරෝනා බවට සැකපිට කුඩා දරුවෙක් බදුල්ල මහ රෝහලට

Share

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුඩා දරුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

 

මාස 7 ක් වයැසති එම බිළිඳා සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ඊයේ (03) දිනයේ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පැවසුවේය.

මෙම බිළිදා සිය පවුලේ සාමාජිකයින් සමඟ පසුගිය 27 වනදා දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණ ඇති බව සදහන්.

එම දරුවාගේ ඛේට සහ රුධිර සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මේ අතර මේ වන විට දිවයිනේ රෝහල් 6 ක නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 18 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් ඉන් කිසිඳු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැති බව ඔහු සදහන් කළේය.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ පුද්ගලයින් දස දෙනෙකු, කරාපිටිය, කුරුණෑගල, බදුල්ල, යන රෝහල්වල පුද්ගලයින් දෙදෙනා බැගින් සහ රත්නපුර රෝහලේ හා ළමා රෝහලේ එක් රෝගියෙකු බැගින් ප්‍රතිකාර ලබමින් සිටින බව සුදත් සමරවීර මහතා පැවසීය.

මේ අතර මේ වන විට ලොව පුරා නව කොරෝනා වෛරස ආසාදිතයින් 92,000 ඉක්මවූ සංඛ්‍යාවක් හදුනාගෙන ඇති අතර අද දිනය වන විට මරණ සංඛ්‍යාව 3200ඉක්මවා ඇති බව වාර්තා වේ.

චීනයට අමතරව ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇතිදකුණු කොරියාවෙන් අද වන විට ආසාදිතයින් 5328 ක පිරිසක් හදුනාගෙන තිබේ.

මීට අමතරව ඉතාලියෙන් ආසාදිතයින් 2502 කු සහ මරණ 79 ක්වාර්තා වී ඇති අතර කොරෝනා ආසාදනයට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාව එරට රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

ඉරානයෙන් ආසාදිතයින් 2300 ක පිරිසක් සහ මරණ 77ක් වාර්තාවී තිබේ.

ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 23 දෙනෙකු දආසාදිතයින් අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපානයේද අද දිනය වන විට ආසාදිතයින් දහසට ආසන්න සංඛ්‍යාවක්වාර්තා වී ඇති බව එරට නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති චන්දන වීරසිංහ මහතා පැවසුවේ.

ශ්‍රී ලාංකිකයින් 26,229 ක පිරිසක් ජපානයේ විවිධ ප්‍රදේශවලවාසය කරන අතර ඔවුන් සියළු දෙනා මේ වන විට සුරක්ෂිත බවයි ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍යතානාපතිවරයා පැවසුවේය.

Read more

Local News