එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (04) පැවැත්වීමට නියමිතයි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා සදහන් කළේය.
මේ අතර ඉදිරි මහ මැතිවරණයේ නාම යෝජනා සකස් කිරීමට අදාළ නාම යෝජනා මණ්ඩල එක් එක් දේශපාලන පක්ෂ විසින් මේ වන විට පත් කර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නාමයෝජනා සකස් කිරිම් කටයුතු සිදුකරන බව ඔවුන් සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාමයෝජනා කටයුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.



