කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ සියලු පාසල් වාසා දැමිමට පියවර ගෙන තිබේ.
අද(06) සිට දින 10ක කාලයක් මෙලෙස පාසල් වසා දැමිමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම සියලුම ක්‍රිඩා ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විමට ද ඉතාලි බලධාරින් පියවර ගෙන ඇති බව සඳහන්.
ඉතාලිය තුළ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 3089 දෙනෙකු වාර්තා වෙයි.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය විම හේතුවෙන් පුද්ගලයින් 3254 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ආසාදිතයින් 95,184 දෙනෙකු වාර්තා වන බව සඳහන් වෙයි.




