සියලු දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරුන් කොළඹට කැඳවයි

Share

සියලුම  දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරුන් සහ සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 

මහ මැතිවරණයට අදාල කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා එම නිලධාරිවරුන් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම සහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරුන් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වෙයි.

ඒ අනුව සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සහභාගී වු සාකච්ඡාව පෙරවරු 11.00 දක්වා පැවැති අතර මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරුන්ගේ සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News