එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල තිරණයට අනුව එළඹෙන මහා මැතිවරණයේදි අලියා ලකුණින් තරග වැදිමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි.
සිරිකොත පක්ෂ මුලස්තානයේ අද(05) පැවැති මාධ්‍ය හමුවකට ඔහු මේ බව සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හිදී පැවැත්වෙන සමුළුවකට සහභාගිවිම සඳහා ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.



