උපාධිධාරී පුහුණුව නැවැත්වීම ගැන ජනපති කරුණු විමසයි

Share

උපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 

උපාධිධාරීන්ට ලබාදෙන පුහුණුවක් නවතා දමන්නේ කුමන නීතිමය ප්‍රතිපාදන අනුවදැයි තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටින බවද ඔහු කීය.

“උපාධිධාරීන්ට පත්වීම් දීලා ඉවරයි. මේක ඡන්දයක් බලාගෙන දීපු එකක් නෙමෙයි. ඒක මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණ දෙයක්. පත්වීම් පක්ෂයක්, පාටක් බලලා දුන්නේ නෑ. කොමසාරිස්තුමා (මැතිවරණ කොමිසමේ සභාපති) පුහුණුව දෙන්න එපා කියන එකේ මට නම් කිසිම තේරුමක් නෑ.

අපි ඡන්දයක් හින්දා මේ අයට රැකියා පුහුණුව දෙන එක නැවැත්වීම තේරුමක් නෑ. තවම නාමයෝජනා දීලත් නෑ.”

පෙර ව්‍යවස්ථාවේ ගැටලු සම්බන්ධයෙන් කොමිෂන් සභා උදාහරණයට ගනිමින් ජනාධිපතිවරයා පැවසුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පසුගිය ජනාධිපතිවරණයේදී කටයුතු කළ ආකාරය ස්වාධීන නොමැති බවයි.

“කොමිසම් ස්වාධීන විය යුතුයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පසුගිය ජනාධිපතිවරණයේදී වැඩ කළ හැටි ස්වාධීන නෑ. මොනවා කළත් එය රටේ යහපතට අදාළ වෙන්න ඕන. ස්වාධීන පොලිස් කොමිසමක් තිබෙනවා. ඇයි පොලිස්පතිතුමා ස්වාධීන නැද්ද?

අපි පොලිස්පති ස්වාධීන කළ යුතුයි. ඇයි ඒක කරන්නේ නැත්තේ. අවුරුදු 38ක විතර සේවයක් ඇති පොලිස්පතිවරයෙක් විශ්වාස නැත්නම්, කොමිසමක් ස්වාධීන යැයි විශ්වාස කරන්නේ කොහොමද?”

Read more

Local News