කොවීඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.
ඊයේ දිනය වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 1961 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ආසාදනය වූ පුද්ගලයින් 56,126 දෙනෙකු සුව වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර කොරෝනා වෛරසය වැළදීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3466 දක්වා ඉහල ගොස් තිබේ.
චීනයට අමතරව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 197කි.
ඉරානයෙන් ද මරණ 124ක් වාර්තා වී තිබේ.




