මැලේරියා රෝග වාහක නව මදුරු විශේෂයක් හමුවීමත් සමග එම මදුරුවන් බෝවිය හැකි ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ජාතික මැලේරියා රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, නවතම සමීක්ෂණයකදී එම මදුරුවන් බෝවිය හැකි ස්ථාන 4 000ක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් සොයා ගෙන ඇති බවයි.
මැලේරියා රෝග වාහක නව මදුරු විශේෂය ඉන්දියාවේ සිට මන්නාරම දිස්ත්‍රික්කයට ඇතුලූ වී ඇති බව ඔහු පැවසුවා
එම මදුරුවන් බෝවිය හැකි ළිං 200 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට ද මේ වන විට පියවර ගෙන තිඛෙනවා.

Share
Read more