2018 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය ජනවාරි 11 වනදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව අැත.
රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් ළමුන් අතට පත් කිරීම සඳහා සෑම වසරකදීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එය සංකේතවත් කරමින් සෑම වසරකදීම පාසල් පෙළපොත් ළමුන්ට ලබා දීමට අදාළව ජාතික උත්සවය පැවැත්වේ.