පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්රදේශ රැසකට හෙට (10) පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්රදේශ, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්රාදේශිය සභා බල ප්රදේශය සහ ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේ.
හෙට පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් එම ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය .



