පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්රදේශ රැසකට අද (10) පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හාජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්රදේශ, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්රාදේශිය සභා බල ප්රදේශයසහ ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේය.
අද පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24 ක කාලයක් එම ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හාජලාපවහන මණ්ඩලය සදහන් කළේය.



