ශ්‍රී ලංකාව සහ ජපානය අතර දේශපාලන හා අර්ථික වශයෙන් ශක්තිමත් මිත්‍රත්වයක් තිබෙනවා – අගමැති

Share

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දේශපාලන හා අර්ථික වශයෙන් ශක්තිමත් බැදියාවක් සහ මිත්‍රත්වයක් තබාගැනීමට හැකි වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මිත්‍රත්වය සමරමින් දෙරට අතර ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා  පැවැති සම්මේලනයකට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.

සැමරුම් සම්මේලනය අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජපානයේ හොන්ගංජි පදනමේ සභාපති පූජ්‍ය Most ven.Chomjun Ohtani නාහිමිපාණන් වහන්සේ සහ ජපාන ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික දේශපාලන සබඳතාව සඳහා පදනම වැටී තිබුණේ දෙරට අතර පැවැති සංස්කෘතික සබඳතාවයයි. ජපානයට විශිෂ්ඨ ඉතිහාසයක් පවතිනවා. ශ්‍රී ලංකාව හා ජපානය අතර දීර්ඝ කලීන ශක්තිමත් සබඳතවයක් පවතිනවා. දෙරට අතර දේශපාලන හා අර්ථික වශයෙන් ශක්තිමත් බැදියාවක් තබාගැනීමට හැකි වී තිබෙනවා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ දී ශක්තිමත් මිත්‍රත්වයක් ජපානය සමඟ ඇතිකරගත්තා. දේශපාලනික හා ආර්ථික වශයෙන් දියුණුවක් ලබාගැනීමට ජපානය සමඟ තාක්ෂණික හා විද්‍යාත්මක ලෙස එක්ව ගමන් කළ යුතුයි. ජපාන අග්‍රමාත්‍ය ෂිංසූ අබේ මහතා ශ්‍රී ලංකාවේ හොඳ මිත්‍රයෙක්.

ජපාන රජය, ආර්ථික සංවර්ධනයේ දී අවස්ථා රැසකදී අප වෙත අනුග්‍රහකත්වය ලබාදී තිබෙනවා. ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අරමුණයි. ඉදිරියේ දී දේශපාලන සම්ප්‍රදායන් ශක්තිමත් කරගැනීමට පාර්ලිමේන්තු මට්ටමින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read more

Local News