ඉන්දියාවේ පළමු කොරෝනා අසාදිත පුද්ගලයා මරණයට

Share

නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් පළමුවරට ඉන්දියාවේදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ(12) රාත්‍රි මියගොස් ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයාට වෛරසය වැළදි ඇති බවට මීට දින දෙකකට පෙර තහවුරු වී තිබුණි.

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මේ වන විට වෛරසය ව්‍යප්ත වි ඇති අතර පුද්ගලයින් 74 දෙනෙකුට අසාධනයට ලක්ව තිබේ.

ඉන් සුවය ලබා ඇත්තේ සිව්දෙනෙකු පමණක් බව වාර්තා වෙයි.

මේ වන විට ලොව පුරා කොරොනා වෛරසය සක්‍රීය තත්වයේ පවතින රොගීන් 60,566 දෙනෙකු සිටින අතර සුවය ලැබු සංඛ්‍යාව 69,142ක් වෙයි.

Read more

Local News