අද(17) සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් රජය ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍යය, ආහාර සැපයුම්, ප්‍රවාහනය, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙම නිවාඩුව අදාළ නොවේ.
පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජය ඉල්ලා සිටී.
COVID19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමු කරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සළකා බැලීමට නියමිතය.



