උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය තුනෙන් දෙකක බහුතරය පාර්ලිමේන්තු ජන්දයකින් අන්ත පරාජයකට පත් කරන බවත්, විශ්වාස භංගයකට මුහුණ දීමට ජාතික රජය ඕනෑම අවස්ථාවක සුදානම් බවද අමාත්‍යවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දුනහොත් හැකි විගසම එය විවාදයට ගෙන ජන්ද විමසීමකට ලක් කරන බවත් එය පරාජය කිරීම කිසිදු අභියෝගයක් නොවන බවද පැවසීය.