නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු මුලතිව් කුමුලමුනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඔවුන් වයස අවුරුදු 17ත් 53ත් අතර වියේ පසුවන්නන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.
සැකකාර ඉන්දීය ජාතිකයින් අද (17) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



