වෙෙරසයට භාවිත කළ හැකි එන්නතක් පිළිබඳව චීන පරීක්ෂණ සාර්ථකයි

Share

කොවිඩ් 19 වෛරසට එරෙහිව භාවිත කළ එන්නතක් පිළිබඳව චීනය සිදුකළ පර්යේෂණ වල ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ෂැංහායි නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂම සඳහන් කරයි.

 

එහි අධ්‍යක්ෂ සැන්ග් කුආන් සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ පිළිබඳව වන සායනික අත්හදා බැලීම් අප්‍රේල් මස මැද භාගයේදී සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම කොවිඩ් 19ට භාවිත කළ හැකි තවත් එන්නතක් මේ වන විට මීයන් යොදාගනිමින් පරීක්ෂා කර ඇති අතර එයද ප්‍රගතියක් ලබාගෙන තිබේ.

වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි රසායනික සංයෝග සෙවීම සඳහා විද්‍යාඥයින් මිලියන 1.78 ක් පමණ පරීක්ෂණ පවත්වා ඇති බව ඔහු පැවසීය.

Read more

Local News