රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශපාලන පක්ෂ නායකයින් සහ සෞඛ්‍ය ඇතුළු අනෙතුක් අදාළ සියළු පාර්ශව කැඳවා සාමුහික සැලැස්මක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
“මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන විශාල අභියෝගය කොරෝනා වෛරසයට මුහුණ දීමයි. එය මැඬ පැවැත්වීම සඳහාත්, ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහාත් කටයුතු කිරීමයි.
මෙය ජාතික ආපදා තත්ත්වයක්. මෙහි බරපතළකම බොහෝ අයට තාමත් තේරුම් ගොස් නැති බව අපට පේනෙවා. එය කණගාටුවට කරුණක්. දැ මේ වසංගතය ශ්‍රී ලංකාවට බොවෙලා. ඉන් ගැලවීමක් නෑ. නමුත් අවම හානියක් සිදුවන ආකාරයට හෝ වසංගතය පාලනය කර ගැනීමට අපි එකට එක්ව කටයුතු කළ යුතුයි.
මේ සඳහා පොදු සැලැස්මක් සකස් කොට සාමුහිකව ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පදනම ඇති කරන්න කියා මම පුසුගිය දා ආණ්ඩවෙන් ඉල්ලීමක් කළා. මේ වසංගත තත්ත්වය ගැව අවධාය යොමු කරන්න කියා මැතිරණ කොමිසමේ සභාපතිතුමාගෙන්ද මම ඉල්ලීමක් කළා. ඒ වගේම දේශපාන පක්ෂ සහ සමාජ ආයතන ප්‍රධානීන් කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වන මෙන් කථානාකයකතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කර තියෙනවා.“



