රට තුළ දෛනිකව කොරොනා රෝගින්ගේ ප්‍රතිශතය වැඩි වන බවක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.
එබැවින් මේ මොහොතේ සියලූම පාර්ශව කිසිඳු භේදයකින් තොරව සාමුහිකව ජාතික ව්‍යසනය මැඩලීම සඳහා කටයුතු කල යුතුව ඇති බව එම සංවිධානය පවසයි.
කිසිවෙකු මෙම තත්වයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන්නේ නම්, එය මනුෂ්‍යත්වයට නොගැලපෙන බව ඔවූන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මේ මොහොතේ ආණ්ඩුවේත්, විපක්ෂයේත් සියලූ දේශපාලන නායකත්වයේ ප්රමුඛ අවධානය මෙම වසංගතය මැඩලීම කෙරෙහි යොමුවිය යුතුව ඇත.
දෛනිකව අප දකින දේශපාලන මාධ්‍ය හමු වලින් පෙනී යන්නේ තවමත් ඇතමුන්ගේ අවධානය මේ කෙරෙහි ප්‍රමාණවත්ව යොමු වී නැති බවයි.
එමෙන්ම මේ මොහොතේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ සිට සියලූම රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන සහ පුරවැසි සියලූදෙනා ද මේ තත්වය මැඩලීම කෙරෙහි ආත්මාර්ථයෙන් තොරව කටයුතු කල යුතුව ඇත.
එබැවින් අප සියලූමදෙනා සියලූ භේද අමතක කර රජයට සහ සෞඛ්‍ය අංශවලටත් අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුව ඇත.
එමෙන්ම මැතිවරණය යනු ජනතාව ඒකරාශි වන කි්රයාවලියකිග දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරිවරයා දක්වා බොහෝ රාජ්‍ය නිලධාරින් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වේග ඒ අනුව කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කල හැකි නිලධාරින් බොහොමයකට එම කටයුතු සඳහා අවධානය යොමු කිරීමට නොහැකි වනු ඇත.
එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව ද සැලකිල්ලට ගත යුතුව ඇත.
සෞඛ්‍ය අංශ වලට අනුව මෙම තත්වය පාලනය කිරීමට හැකිතාක් ජනතාව ඒකරාශි වීම වැලැක්විය යුතුය.
එබැවින් අප, ඔබ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින ජාතික ව්‍යසනය සැලකිල්ලට ගනිමින් ජනතාව ඒකරාශී වන මැතිවරණ ක්‍රියාවලිය කල් දැමීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
අප තීන්දු ගැනීමට ප්‍රමාද වන සෑම මොහොතකම ආපසු හැරවිය නොහැකි අවධානමකට සමාජය ලක් වීමට ඉඩ ඇත.
යම් හෙයකින් නාමයොජනා වලින් අනතුරුව ඡන්දය කල් දැමීමට ලක් වුවහොත්, සමහර දේශපාලඥයින් තම අපේක්ෂකත්වය තහවුරු වී ඇති නිසා, කිසිවකුගේ බාධාවකින් තොරවල ජාතික ව්‍යසනය නොසලකා ප්‍රචාරණ කටයුතු වල යෙදීමටද ඉඩ ඇත මේ පිළිබඳවද ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා ඇත.



